විමල් යළි රිමාන්ඩ්..
රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලකරමින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මාර්තු 6 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් අද (20) නියෝග කර ඇත. පොලිස් මූල්‍ය අපරාධ කෝට්ඨාසය, රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා කරමින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.