සත්‍යයේ පුවත් අඩහැරය….

උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ තමන් යටතට ගෙන “සයිටම්” ගැටළුව විසදා යළි අමාත්‍යවරුන්ට දෙන්න, රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව අැති ගැටළුකාරී තත්ත්වය සදහා ඉතා කෙටි කාලයක් තුළ විසදුමක් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට හැකියාව තිබියදීත් අමාත්‍යවරයා එවැන්නක් සිදු නොකිරීම තුළින් එතුමාගේ නොසැලකිලිමත්භාවය කෙතරම්ද යන්න මැනවින් පිළිබිඹු වන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. ඊයේ (20) කොළඹ, රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා අවධාරණය කර සිටියේ සයිටම් විද්‍යාලයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් කරුණු හෙළිවෙතැයි බියෙන් අවම ප්‍රමිතිය ගැසට් නොකිරීමට අාණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගීවූ රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෙෙද්‍ය නවීන් ද සොයිසා මහතා පවසා සිටින ලද්දේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් යටතට ගෙන පැය 48 ක කාලයක් තුළ “සයිටම්” ගැටළුව විසදා නැවතත් අදාළ අමත්‍යාංශ දෙක අදාළ අමාත්‍යවරුන්ට භාර දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම අවස්ථාව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතාද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට