සත්‍යයේ පුවත් අඩහැරය….

පුද්ගලික නීතිඥයෙකු, මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම අධිකරණ පද්ධතියට කළ විශාල වරදක් – පිවිතුරු හෙළ උරුමය

 /><span style=මඩකපුව අධිකරණයේ පුද්ගලික නීතිඥයෙකු ලෙස කටයුතු කරන ලද රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය, අධිකරණ පද්ධතියට සිදු කළ විශාල වරදක් බව පිවිතුරු හෙළ උරුමය පවසා සිටියි. පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (20) පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ගම්මන්පිල මහතා අවධාරණය කර සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් Top 10 හෙළිදරව්ව යටතේ තමන්ට එරෙහිව සිදු කරන ලද පැමිණිල්ල තුළින් තමන්ට අපහාසයක් සිදුව අැති බව මුදල් අමාත්‍ය රවී කරුණායක මහතා විසින් පවසා සිටීම නිසා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන මෙන් ඒ මහතාට සිදු කළ අාරාධනය ඔහු ප්‍රතික්ෂේප කරන ලද බවයි. රණවිරුවන් බිලිදීම සදහා සුරංගනා කථා ලියන සාහිත්‍ය චක්‍රවර්තී ෂානි අබේසේකර මහතා වෙත අාණ්ඩුව විසින් ද්විත්ව උසස්වීමක් ලබා දෙමින් ඉහළින් සලකා අැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුම පක්ෂයේ නීති කටයුතු පිළිබද ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ කඩුවෙල අාසන සංවිධායක ශිරන්ත ජයලත් යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට