සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විවිධ හේතු දක්වා මැතිවරණය පැවැත්වීමේ වගකීමෙන් මිදීමට අාණ්ඩුවට හැකියාවක් නෑ – ඒකාබද්ධ විපක්ෂය

 /><span style=සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව බිල්ලට දෙමින් වත්මන් අාණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දමමින් සිටින බවත් අදාළ වාර්තාව මුද්‍රණය කිරීමට යොමු කළ බවට පවසමින් මැතිවරණය පැවැත්වීමේ වගකීමෙන් මිදීමට අාණ්ඩුවට හැකියාවක් නොමැති බවත් ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (22) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියේ මේ වන විට රටේ ජනතාව තුළ පවතින මතය කුමක්ද යන්න හොදින්ම දන්නා බැවින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට වත්මන් යහපාලන අාණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන මෙන් අාණ්ඩුවට බලකරමින් අත්සන් ලක්ෂ පනස් තුනකින් යුත් පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බවත් මේ සදහා විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හටද සහභාගි වීමට On Line ක්‍රමය යටතේ අවස්ථාව සලසා දී අැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම් අස්වර් යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට