සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කැළණිය විශ්වවිදයාලයේ උපකුලපති පත්කිරීමේදී අක්‍රමිකතාවයක්, විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට දැඩි හානියක් – විශ්වවිද්‍යාල වල ස්වාධීනත්වය සහ යහපාලනය සදහා වූ අාචාර්යවරුන්ගේ එකමුතුව

 /><span style=විශ්වවිද්‍යාල පාලක සභාවේ වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පුද්ගලයා සදහා උපකුලපති ධූරය ලබා දීම නියමිත ක්‍රමවේදය වුවත් කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කිරීමේදී සිදුව අැති අක්‍රමිකතාවය, විශ්වවිද්‍යාල වල ස්වාධීනත්වයට මෙන්ම යහපාලන අරමුණු වලට එල්ල වූ දැවැන්ත පහරක් බව විශ්විවද්‍යාල අාචාර්යවරුන් පවසා සිටියි. ඊයේ (22) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන අබේරත්න මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ඒ මහතා අවධාරණය කරන ලද්දේ මෙම සිදුවීම නිසා විශ්වවිද්‍යාල අාචාර්යවරුන් දැඩි කළකිරීමකට පත්ව අැති බවයි. කැළණිය විශ්වවිද්‍යාලය ඉහළට ඔසවා තැබීම සදහා දැවැන්ත වැඩකොටසක් සිදු කරන ලද් මෙන්ම අදාළ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ලද හිටපු උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා පත් නොකොට මහාචාර්ය ඩී.එම් සේමසිංහ මහතා විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සදහා පත්කිරීමට වත්මන් අාණ්ඩුව විසින් කටයුතු කර අැති බවත් යහපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට පටහැනිව සිදුකරන ලද මෙම පත්කිරීම දැඩි ලෙස හෙළා දකින බවත් මහාචාර්ය චන්දන අබේරත්න මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අැඹුල්දෙණියේ පියරතන හිමි අැතුළු අාචාර්යයවරුන් වන නිශාන්ත සකලසූරිය, මහාචාර්ය උපුල් හෙට්ටිඅාරච්චි සහ කථිකාචාර්ය අනුෂ ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගි විය.

විශ්වවිද්‍යාල වල ස්වාධීනත්වය සහ යහපාලනය සදහා වූ අාචාර්යවරුන්ගේ එකමුතුව විසින් මෙම මාධය හමුව සංවිධානය කර තිබුනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට