අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා අද විශ්‍රාම යයි, නව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්..?
අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා අද (28) විශ්‍රාම යාමට නියමිතව අැති අතර නව අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කර අැති බව වාර්තා වේ. ව්‍යවස්ථාදායක සභාව ඊයේ (27) රාත්‍රීයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර නව අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම ඒකමතිකව නිර්දේශ කිරීමට ව්‍යවස්ථාදායක සභාව එහිදී තීරණය කර අැත.