විදුලිය ඉතිරිකරන්නන් හට විශේෂ සහන, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය….
දිගු කලක සිට වැසි නොමැති වීම හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සදහා විදුලිය ඉතිරි කිරීමේ උපක‍්‍රමයක් ලෙස වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට අදාළව නව චක‍්‍රලේඛයක් ගෙන එන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කර සිටියි. එයට අමතරව විදුලිය ඉතිරි කරන්නන් සදහා විශේෂ වරප‍්‍රසාද ලබාදීමටත්, විදුලිය ඉතිරි කරන කර්මාන්ත ශාලා සදහා විශේෂ සහන ලබාදීමටත් අවධානය යොමු කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියි.