සත්‍යයේ පුවත් අඩහැරය….

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනු කමිටු වාර්තා වල හානිදායක වගන්ති රැසක්, සම්මත කර ගන්න එපා – ජාතික ඒකාබද්ධතා කමිටුව රජයෙන් ඉල්ලයි..

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දීම මෙන්ම බුදුදහම පෝෂණීය කිරීම සහ රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් වන වගන්ති වලට හානි වන අයුරින් ඒවා වෙනස් කර අනුකමිටු වාර්තාවක් ඉදිරිපත් කිරීමට අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා විසින් කටයුතු කර අැති බව ජාතික ඒකාබද්ධතා කමිටුව අවධාරණය කර සිටියි. ජාතික ඒකාබද්ධතා කමිටුවේ විධායක කමිටු සාමාජික නීතිඥ මනෝහරද සිල්වා මහතා විසින් මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (04) කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. සිය අදහස් දක්වමින් නීතිඥ මනෝහරද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉහත අාකාරයේ හානිදායක වගන්ති අැතුළුව ඒ අාකාරයේම වගන්ති ගණනාවක්ම, අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද අතුරු වාර්තා තුළ දක්නට ලැබෙන බවත් ඉදිරියේදී ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව අැති බැවින් අදාළ වාර්තා සම්මත කර නොගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. මෙම මාධ්‍ය හමුව සදහා ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපති විශේෂඥ වෙෙද්‍ය අනුලා විජේසුන්දර, විධායක කමිටු සාමාජිකයින් වන ගෙවිදු කුමාරතුංග සහ දිමුත් ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට