ප්‍රධාන අමාත්‍ය සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් හෙට හබරණදී..
දිවයිනේ පළාත් නවයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහභාගි වන ප්‍රධාන අමාත්‍ය සමුළුව හෙට (06) උදෑසන හබරණදී පැවැත්වීමට නියමිතව අැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිතව අැති අතර පළාත් සභාවලට බලපා ඇති ගැටළු සම්බන්ධයෙන් මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.