සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන අාණ්ඩුව රටට දැනෙන යමක් කළේ දින සියය තුළ පමණයි, ජනතා හඩට අැහුම්කන් නොදුන්නොත් රිදෙන පිළිතුරක් ලැබේවි – පුරවැසි බලය සංවිධානය

වත්මන් යහපාලන අාණ්ඩුව රටට දැනෙන යමක් සිදු කළේ දින සියය වැඩපිළිවෙළ තුළදී පමණක් බවත් ජනතාවට දුන් පෙරොන්දු ඉටු නොකරමින් කටයුතු කළහොත් අාණ්ඩුවට රිදෙන ප්‍රතිචාරයක් ජනතාව විසින් ඉදිරියේදී දක්වනු අැති බවත් පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. අද (16) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විසිනි.

සිය අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් අැති කිරීම, නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම, සංහිදියාව අැති කිරීම, ජන වාර්ගික ගැටළුවට විසදුම් ලබා දීම අාදී කරුණු ගණනාවක් ඉටු කිරීම සම්බන්ධයෙන් වන අාණ්ඩුවේ වැඩිපිළිවෙළ ඉතා මන්දගාමී තත්ත්වයකට පත්ව අැති අාකාරයක් පෙනී යන බවයි.

මෙම අවස්ථාව සදහා සහභාගි වූ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසා සිටියේ වත්මන් අාණ්ඩුව බලයට පැමිණීමෙන් පසු දින සියය වැඩපිළිවෙළේදී රට නිසි මගට ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළද ඉන් අනතුරුව දේශපාලන මූලධර්ම පසෙකට දමා, අාර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති පමණක් මූලික කරගනිමින් කටයුතු කරමින් සිටින බවයි.

අාණ්ඩුව මෙම වැඩපිළිවෙළෙහි අඛණ්ඩව යෙදී සිටියහොත් ඉදිරියේදී ජනතාව විසින් ඊට දක්වනු ලබන නිසි ප්‍රතිචාර අනුව අාණ්ඩුවට වන්දි ගෙවීමට සිදුවනු අැති බවත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයින් වන කේ.ඩබ්ලිව් ජනරංජන, ගාමිණි වියන්ගොඩ ලූෂන් බුලත්සිංහල සහ සම්පත් රාජිත යන මහත්වරුන් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට