සත්‍යයේ පුවත් අඩහැරය….

අාණ්ඩුව රණවිරුවන්ට ද්වේශ සහගතව සලකන්නේ කුමන අරමුණකින්දැයි ගැටළුවක්, ලබන 20 වනදා රණවිරු සැමරුමක් පවත්වනවා – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

මෙරට පැවති කුරිරු යුද්ධය අවසන් කරමින් දේශය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් සිහිකරමින් ලබන 20 වනදා සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී රණවිරු සැමරුමක් සහ ජාතික රණවිරු අධිෂ්ඨාන පූජාවක් පවත්වන බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටියි. ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අද (16) ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කර සිටියේ රටට, ජාතියට මෙන්ම රණවිරුවන්ට අාදරය කරන සියළු බලවේගයන්ට මෙම අවස්ථාව සදහා සහභාගි වන ලෙස ඉල්ලා සිටින බවයි.

මෙම අවස්ථාව සදහා සහභාගී වූ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසා සිටියේ රට බේරාගත් රණවිරුවන් හට අාණ්ඩුව ද්වේශ සහගත ලෙස සලකනු ලබන්නේ කුමන අරමුණක් වෙනුවෙන් දැයි ගැටළුවක් මතුවන බවයි. ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාට උතුරු පළාත තුළ සංචාරය කිරීම සදහා නොපැමිණෙන ලෙස, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා විසින් පවසා සිටින්නේ කෙලෙසක දැයි විමසා සිටින බවත් තමන් මෙරට විධායක ජනාධිපතිවරයා බව සිවාජිලිංගම් මහතා අැතුළු පිරිසට මතක් කර දීමට මෙෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළයුතු බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පැවිදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර්, නීතීඥ අජිති ප්‍රසන්න යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට