වත්තල හා කැලණියට අනිද්දා පැය 12 ක් වතුර නෑ..
වත්තල හා කැලණිය යන ප‍්‍රදේශයන්ට ජලය සපයනු ලබන නල මාර්ග දෙකක අලූත්වැඩියා කටයුත්තක් නිසා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අනිද්දා දින පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව කැළණිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප‍්‍රදේශය, වත්තල නගර සභා බල ප‍්‍රදේශය සහ හැදල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය යන ප්‍රදේශයන්ට අනිද්දා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැය 12 ක් කාලයක් ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දන්වා සිටියි.