අන්තරේ පාගමනට පොලිසියෙන් ජල, කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර, 20 කට තුවාල..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය විසින් ඊයේ (17) පවත්වන ලද විරෝධතා පා ගමන විසුරුවා හැරීම සදහා පොලිසිය විසින් ජල, බැටන් සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. අධිකරණ නියෝග කඩකරන ලදැයි චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුන් 15 දෙනකු මෙහිදී අත්අඩංගුවට පත්වූ අතර 20 දෙනකුට පමණ තුවාල සිදුවිය. මෙම විරෝධතා පාගමන හේතුවෙන් පුරහල අවට ප්‍රදේශය තුළ දැඩි වාහන තදබදයක් අැති විය.