අද සිට වැසි තත්ත්වයේ යළි වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අද (29) සිට වැසි තත්ත්වයේ යළි වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා මෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල ස්‌ථාපිත වීම නිසා මෙම තත්ත්වය උදාවිය හැකි බවත් ඒ අනුව බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ අාදී පළාත්වලට වැසි වර්ධනය වීමක් සිදුවිය හැකි බවද එම අාරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.