පළාත් කිහිපයකට අදත් වැසි..
අද (04) දිනය තුළද දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. මාතලේ සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කයන් වල පැයට කිලෝමීටර් 50 දක්වා වූ තද සුළං ඇති විය හැකි බවත් දිවයින හරහා ද එ් අාකාරයට සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.