සත්‍යයේ පුවත් අඩහැරය….

ගංවතුරින් විපතට පත් ජනතාවට සමෘද්ධි ආධාර…

පසුගිය දා ඇතිවූ ගං වතුරෙන් හා නායයාම් වලින් විපතට පත් ජනතාවගේ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු කිරීමේ උපකරණ හා ද්‍රව්‍ය ඇතුළත් ආධාර පාර්සල් 50000ක් ලබාදීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.ජනාධිපතිවරයා විසින් ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත් අගලවත්ත ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කරනු ලැබූ අතර පසුගියදා ඇමැතිවරයා අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී ඇත.එම ප්‍රදේශ ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශ වල විපතට පත් ජනතාව වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම ආධාර ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට