ෆුල්ෆේස් තහනම ඉවත් කිරීමට රජය එකඟ වුනා – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය
සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන යතුරු පැදි අාරක්ෂිත හිස් වැසුම් භාවිතා කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම අහෝසි කිරීමට රජය එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. අදාළ තහනම සම්බන්ධයෙන් තම සංගමය අැතුළු තවත් සංගම් කිහිපයක් පසුගිය දා ප්‍රවාහන අමාත්‍යංශයෙදී පවත්වන ලද සාකච්ඡාවකදී අදාළ තහනම අහෝසි කිරීමට බලධාරීන් එකඟවූ බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි.