සත්‍යයේ පුවත් අඩහැරය….

ජීවිත කැප කර කුරිරු යුද්ධව අවසන් කළ හමුදා සාමාජිකයින් අද සිරබත් කන තත්ත්වයට පත්වෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

මෙරට රණවිරුවන්ට විවිධ චෝදනා එල්ල කර ඔවුන් අත්අඩංගුවට ගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මත වැරදි පටවා, 2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ‍යේදී ඒ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම වළක්වාලීමට වත්මන් ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (15) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ, විශ්‍රාමික රණවිරු මේජර් අජිත් ප්‍රසන්න මහතා විසිනි.

සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙරට පැවති කුරිරු යුද්ධය අවසන් කර, රට ජාතිය බේරා ගැනීමට සිය ජීවිත පවා කැපකරමින් කටයුතු කළ අභීත රණවිරුවන් අද වන විට සිරබත් කන තත්ත්වයට පත්ව ඇති බවයි. ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් හට විවිධ චෝදනා එල්ල කරන වත්මන් නීතිපතිවරයා ද ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව කටයුතු කරන පුද්ගලයෙකු බවට පත්ව සිටීම කණගාටුදායක අතර මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදුන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් බවට එවක විපක්ෂයේ සංවිධායකවරයා වූ ජෝසෆ් මයිකල් පෙරේරා මහතා විසින් චෝදනා එල්ල කළ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පවත්වා නොමැති බවද අජිත් ප්‍රසන්න මහතා සිය අදහස් පළ කරමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින හමුදා සාමාජකයින්ගේ පවුල් වල සාමාජිකයින් පිරිසක් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට