සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලාංකිකයින් හට එකම ජාතියක් ලෙස පෙනී සිටීමට මෙතෙක් හැකිවී නෑ – පුරවැසි බලය සංවිධානය

පසුගිය රජය සමයේදී බේරුවල ප්‍රදේශයේ, රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ මුස්ලිම් – සිංහල ගැටුමින් පීඩාවට පත් ජනතාවට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉෂ්ඨ වී නොමැති බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (15) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කළ ගාමිණි වියන්ගොඩ මහතා පවසා සිටියේ බොදු බල සේනා සංවිධානය යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් විසින් මෙහෙයවන අතර රටේ බරපතල අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා පොලිසියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමි පවසා සිටියේ ඩී.එස් සේනානායක, ටී.බී ඡායා වැනි මෙරට හිටපු නායකයින් අාදර්ශයට ගැනීමට දේශපාලන නායකයින් කටයුතු කළයුතු අතර සමස්ත ශ්‍රී ලාංකිකයින් එකම ජාතියක් ලෙස පෙනී සිටීමට මෙතෙක් හැකිවී නොමැති බවයි.

මෙම මාධ්‍ය හමුවේදී සිය අදහස් පළ කළ ප්‍රවිණ ගායක, පුරවැසි බලය සංවිධානයේ සාමාජික සුනිල් පෙරේරා මහතා පවසා සිටියේ රටතුළ ඇති වන ජාතිවාදී සහ ආගම්වාදී සිදුවීම් සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමේදී මාධ්‍ය වෙත දැවැන්ත වගකීමක් පැවරෙන බවයි. යම් සිද්ධියක් පිළිබද සත්‍ය කරුණු වාර්තා කළහොත් එ් තුළින් රටේ ජාතිවාදී සහ ආගම්වාදී ගිනිදැල් ඇවිලෙන්නේනම් එම කරුණු වාර්තා නොකිරීම සහ යම් සිද්ධියක් පිළිබද අසත්‍ය කරුණු වාර්තා කළහොත් එ් තුළින් රටේ ජාතිවාදී සහ ආගම්වාදී ගිනිදැල් නිවෙන්නේනම් එම කරුණු වාර්තා කිරීම ද මාධ්‍ය විසින් සිදුකරන වරදක් නොවන බව ද සුනිප් පෙරේරා මහතා තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා පුරවැසි බලය සංවිධානයේ සාමාජික ධර්මසිරි බණ්ඩාරනායක, නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණායක සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරී නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් ද සහභාගි වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට