සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටිලා – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට බිද වැටී ඇති රාජ්‍ය අධ්‍යාපනය යළි ගොඩනැගීම සදහා අධ්‍යාපනයට සම්බන්ධ සියළු කණ්ඩායම් සහ ප්‍රගතිශීල බලවේග ඒකරාශීව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. ඊයේ (15) කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති කේ.කේ.අයි.යූ අරුණ කුමාර මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කළ අරුණ කුමාර මහතා පවසා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටළු විසදීම සදහා වත්මන් යහපාලන දෙමුහුන් ආණ්ඩුවට නිසි දැක්මක් නොමැති අතර රටතුළ උද්ගතව ඇති සියළු ගැටළුකාරී තත්ත්වයන් විසදීම සදහා ඇති එකම විසදුම, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම යැයි ආණ්ඩුව විශ්වාස කරන්නේනම් එය ඉතා මෝඩ සිතුවිල්ලක් බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර මහතා පවසා සිටියේ වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින්, පාසැල් දරුවන්ගෙන් මුදල් එකතු කිරීමට නීත්‍යානුකූල බලයක් ලබා දී ඇති අතර මෙම තත්ත්වය පාසැල් අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් මතුකරන බවයි. පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජනතාව දැනුවත් කිරීම සදහා ලබන 19 වනදායින් පසුව පුළුල් වැඩසටහනක් ආරම්භ කරන බවද ලහිරු වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අතුල සමරකෝන්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ප්‍රගතිශීලි ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට