උණ රෝගයක් නිසා කැළණිය විශ්වවිද්‍යාලය වැසෙයි..
උණ රෝගී තත්ත්වයක් පැතිරයාම නිසා කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ සියල්ලම තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසා සිටියි. ලබන 27 වනදා අධ්‍යයන කටයුතු සදහා නැවත විශ්වවිද්‍යාලය විවෘත කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. අද (16) දිනය තුළ නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි සිසුන්ට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.