සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ ගැටළු පසෙක තබා ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට රජය උත්සාහ කරනවා – බොදු බල සේනා සංවිධානය

රටේ මේ වන විට උද්ගතව අැති ගැටළුකාරී තත්ත්වයන් විසදීම පසෙක තබා අැති වත්මන් අාණ්ඩුවේ මුඛ්‍ය පරමාර්ථය වී අැත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම බව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අවධාරණය කර සිටියි. උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (16) රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කළ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් රටට හෙළි කළ සමාජීය කරුණු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකර, බලධාරීන් විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට දැඩි උත්සාහයක නිරත වීම විහිළු සහගත බවයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කර යළිත් ජාතිවාදය රට තුළ අැති කර රට ලේ විලක් බවට පත්කිරීමට යම් පිරිසක් විසින් උත්සාහ කරමින් සිටින බවත් උන්වහන්සේ අත්අඩංගුවට ගත් විට උන්වහන්සේගේ ජීවිතයේ වගකීම පිළිබද සහතිකයක් ලබාදිය හැකිදැයි අාණ්ඩුවෙන් විමසා සිටින බව ද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක අාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසා සිටියේ පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක වීම නිසා රටේ යහපාලනය දියාරු වෙමින් පවතින බවයි. පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රචණ්ඩත්වය කරා යොමු කළ බව ද විතානගේ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබදව බොදු බල සේනා සංවිධානය තුළ යම් ගෞරවයක් පැවතියද ඥානසාර හිමි සගවා සිටින්නේ වත්මන් අාණ්ඩුව විසින් බවට ඒ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පරිණත දේශපාලඥයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාට නොගැළපෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැනි අයෙකු විසින් මෙවැන්නක් පවසා සිටියේ නම් කිසිදු ගැටළුවක් නොමැති බව ද අාචාර්ය දිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට