සත්‍යයේ පුවත් අඩහැරය….

ඥානසාර හිමිගේ ජීවිතය ගැන අාරක්ෂාව තහවුරු කළහොත් උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් වේවි – බොදු බල සේනා සංවිධානය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ජීවිතය පිළිබදව අාරක්ෂාව තහවුරු කළහොත් උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් වන බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. අද (20) රාජගිරියේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක අචාර්ය දිලන්ත විතානගේ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් විතානගේ මහතා තවදුරටත් පවසා සිටියේ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් අැතුළු චූදිතයන් ඝාතනය කරන ලද අවස්ථා රැසක් සම්බන්ධයෙන් මෙරට තුළ අත්දැකීම් පවතින තත්ත්වයක් තුළ වගකීමක් නොමැතිව පූජ්‍ය ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් වීමේ දැඩි අවදානමක් පවතින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අවධාරණය කර සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දිනක දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉටු නොකළ අතර උන්වහන්සේ ඉටු කළේ ජාතික කොන්ත්‍රාත්තුවක් පමණක් බවයි. 2020 වසරේදී පැවැත්වීමට නියමිතව අැති ජනාධිපතිවරණය සදහා ඥානසාර හිමියන් ඉදිඒිපත් වනු අැති බවත් වර්තමානය වන විට “සග රජු” ව සිටින උන්වහන්සේ ඉදිරියේදී රටේ රජු වීමට ද ඉඩ අැති බව ද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සිංහලේ අපි ජාතික සංවිධානයේ ලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන  හිමියන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට