සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ උද්ගතව අැති ගැටළු විසදීමට රජය ජනතා අදහස් විමසිය යුතුයි – පුරවැසි සංවිධාන එකමුතුව

මෙරට තරුණ පරපුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එක්වරම කැක්කුමක් අැති වී තිබෙන්නේ මන්දැයි විමසා සිටින අතර ඔහු පසුගිය කාලය පුරා ලංකාවේ ජීවත් නොවූ පුද්ගලයෙකු ලෙස අදහස් පළ කිරීම ගැටළුවක් බවත් පුරවැසි සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. ඊයේ (29) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා විසිනි.

සිය අදහස් දක්වමින් චමීර පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය තරුණයින් සම්බන්ධයෙන් නිසි ලෙස අවධානය යොමු කළේ නම් අද විටත් එම රජය බලයේ රැදී සිටිනු අැති බවයි. නාමල් රාජපක්ෂ මහතා වත්මන් අාණ්ඩුවට මේ අාකාරයට චෝදනා කළද පැවති රජය කටුනායකදී, හලාවතදී සහ රතුපස්වලදී තරුණයින්ට සැලකූ අාකාරය මෙරට ජනතාවගේ මතකයේ රැදී අැති බව ද චමීර පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මහින්ද රාජපක්ෂ රජය සමයේදී ජනතාවට සිය අදහස් පළ කිරීම සදහා නිසි අවස්ථාවක් නොතිබූ නමුත් අද වන විට ජනතාවට එම නිදහස් මනාව ලැබී අැති අතර රට තුළ අැති වන විවිධාකාරයේ ගැටළු විසදීම සදහා ජනතා අදහස් විමසීමට අාණ්ඩුව කටයුතු කළයුතු බව ද චමීර පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පරපුරක බලය සංවිධානයේ කැදවුම්කරු චාමර නාකන්දල මහතා අවධාරණය කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දරුවන් වන “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සහ මීතොටමුල්ල කසළ කන්ද මේ වන විට හදාවඩා ගන්නේ වත්මන් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් බවය. “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව අැති ගැටළුව නිසා රටේ උද්ගතව අැති වෙනත් ප්‍රධානතම ගැටළු අමතකව ගොස් අැති බවත් “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය පමණක් නොව රටේ අනෙකුත් පුද්ගලික අධ්‍යාපන අායතන ද ප්‍රමිතිගත විය යුතු බව ද චාමර නාකන්දල මහතා සිය අදහස් පළ කරමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා අාණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති ඩී.එම්.ඩී අබේරත්න මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට