සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු වන බැවින් වහාම මැතිවරණය පවත්වන්න, කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලයි..

සීමා නිර්ණ වාර්තාව පදනම් කරගනිමින් වත්මන් අාණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණ දිනෙන් දින කල්දැමීමට කටයුතු කරමින් සිටින අතර පසුගිය මහින්ද රාජපක්ෂ රජය ද ඒ අකාරයටම මැතිවරණ කල් දැමීමට කටයුතු කළ බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි. අද (30) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසිනි. සිය අදහස් පළ කරමින් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ මේ අාකාරයට පළාත් පාලන මැතිවරණ දිනෙන් දින කල්දැමීම තුළින් ජනතා ප්‍රජතන්ත්‍රවාදී අයිතීන් අහෝසි වන බැවින් වහාම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.

පසුගිය රජය විසින් අාරම්භ කරන ලද උමා ඔය ව්‍යාපෘතිය තුළින් පීඩාවට පත් ජනතාව සමග තමන් සිටින බව, ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (29) පැවති උත්සවයක දී අවධාරණය කරන ලද අතර එසේනම් උමා ඔය ව්‍යාපෘතිය තුළින් පීඩාවට පත් ජනතාවට නිසි ලෙස සහන සලසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට