සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන අාණ්ඩුව බලයට ඒමෙන් ජනතාව කබලෙන් ලිපට වැටුනා – ජාතික භික්ෂු පෙරමුණ

පන්සල් වල පිංකැට වලට අත තැබීමට ගෙන අැති උත්සාහය තුළින් වත්මන් අාණ්ඩුවේ බංකොලොත් භාවය සහ අර්බුදකාරී තත්ත්වය මැනවින් පැහැදිලි වන බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. අද (05) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් විසිනි.

ශ්‍රී ලංකාව සෑම ක්ෂේත්‍රයකින්ම සංවර්ධනය කරන බවට විවිධ පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි වත්මන් යහපාලන අාණ්ඩුව අදාළ පෙරොන්දු කඩ කරමින් සිටින බවත් පන්සල් වල පිංකැට සම්බන්ධයෙන් මතුව අැති තත්ත්වය ඉතා භයානක බවත් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සිය අදහස් පළ කරමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

පන්සල් වල පිංකැට වලට අත තබන අාණ්ඩුවක් තවදුරටත් බලයේ සිටිනු අැතැයි කිසිදු අයුරකින් විශ්වාස කළ නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අාණ්ඩුව පරදවා බලයට ගෙන අා වත්මන් අාණ්ඩුව නිසා රටේ ජනතාව කබලෙන් ලිපට වැටුනු තත්ත්වයකට පත්වූ බවත් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය කදුගල ජිනවංශ සහ විධායක සභික තලගම ඥාණසිරි යන හිමිවරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට