තුන්වන එක්දින තරගය හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී..
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය හෙට (06) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිව අැත. මෙම ඉතිරි තරග තුන සදහා සුරංග ලක්මාල් හා චාමර කපුගෙදර ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවා අැති අතර මුල් තරග දෙකට නම් කරන ලද ළහිරු මධුශංක හා අමිල අපොන්සු ඉවත් කර තිබේ. මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවෙයි.