ඛනිජ තෙල් වර්ජනය ලබන සිකුරාදා තෙක් අත්හිටුවයි..
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීයාවට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අාරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර අැති බව වාර්තා වේ. අදාළ වර්ජනය ලබන සිකුරාදා දිනය දක්වා අත්හිටුවා තිබෙන අතර ඊයේ (07) දින විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන අැත.