අද (09) කෝට්ටේ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්…
අද (09) දින පස්වරු 02.00 සිට හෙට (10) දින අළුයම 02.00 දක්වා කාලය තුල හදිසි ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් කෝට්ටේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව බණ්ඩාරනායකපුර, කොස්වත්ත, රාජගිරිය, ඔබේසේකරපුර, මොරගස්මුල්ල, නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඒ අවට සියලු අතුරු මාර්ග ඇතුළු කෝට්ටේ, ලේක් ඩ්‍රයිව් සහ ලේක් ගාඩ්න් යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.