සත්‍යයේ පුවත් අඩහැරය….

රාජපක්ෂවරුන්ගේ වැරදි ඇත්නම් දඩුවම් මෙන්ම කළ සේවයට සහනයකුත් ඕනෑ – අමාත්‍ය මහින්ද අමරවීර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එතුමාගේ පවුලේ සාමාජිකයින් මෙරට තුල දුෂණ වාංචා සිදු කර ඇත්නම් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණ කර නීතිය ක්‍රියාත්මක කල යුතු බවත්, ඒවාගේම ඔවුන් විසින් මෙරටට කරන ලද සේවය ගැන සලකා බලා යම්කිසි සහනයක් ලබා දිය යුතු බව තමන්ගේ පුද්ගලික මතය බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) දින මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තමන්ට විරුද්ධව විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින් බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ව අගය කිරීමෙන් පසුව එම ක්‍රමන්ත්‍රණයන් දියත් වෙමින් පවතින බවත් අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයින් විසින් අපහාස කිරීම් හා අවලාද කිරීමේ මෙහෙයුමක නිරතවී සිටින බවත් එම ක්‍රමන්ත්‍රණයේ තොරතුරු සියල්ල ඉදිරි දින කිහිපය තුළදී හෙළි කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අමරවීර මහතා සදහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට