සත්‍යයේ පුවත් අඩහැරය….

රංගිරි දඹුලු අර්බුදය සමථයකට..

මෑතකදී අර්බුදකාරී තත්ත්වයකට පත්වූ රංගිරි දඹුලු ලෙන් විහාරයේ චිත්‍ර හා මූර්ති සංරක්‌ෂණය කිරීම විහාරාධිකාරී භාරකාරත්වයේ අධීක්‌ෂණයට අනුව සිදුකිරීමට තීරණය වී අැති බව වාර්තා වේ. ඒ අනුව මතුව තිබූ අදාළ අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්ව අැති අතර පුරාවිද්‍යා උපදේශක සභාවට සහ සංස්‌කෘතික උපදේශක සභාව විසින් සිදු කරනු ලබන දඹුලු ලෙන් විහාරයේ චිත්‍ර හා මූර්ති සංරක්‌ෂණය කිරීම මහා විහාරයන්හි උපදෙස්‌ ඇතිව සිදු කිරීමට අස්‌ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥණරතන ස්‌වාමීන්වහන්සේ සිය එකඟතාවය පළ කර අැත. අදාළ සංරක්ෂණ කටයුතු වන්දනාකරුවන්ට සහ නරඹන්නන්ට බාධාවක් නොවන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර ලැබී අැත. රංගිරි දඹුළු ලෙන් විහාරය නැරඹීම සදහා අලෙවි කරනු ලබන ප්‍රවේශ පත්‍ර මුදලකට විකිණීම බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයාගේ පූර්ණ අධීක්‌ෂණය යටතේ සිදුකිරීමටද තීරණය වී අැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්‌ඩාවල මහතා ඇතුළු පිරිසක් අස්‌ගිරි මහානායක හිමියන් බැහැ දැක ඊයේ (14) සිදු කරන ලද සාකච්ඡාවේදී ඉහත තීරණ ගෙන අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට