සත්‍යයේ පුවත් අඩහැරය….

විහාරස්ථානය තුළ දේශපාලන වැඩ බෑ, නාරාහේන්පිට අභයාරාමයට තහනම් නියෝගයක්..

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථාන පරිශ්‍රය තුළ දේශපාලන සහ වානිජ්‍යමය කටයුතු සිදු කිරීම වළක්‌වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (14 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරන ලදී. කිරුළපන ශ්‍රී පුර්වාරාමාධිපති පූජ්‍ය පත්බේරියේ විමලඥාන හිමියන් විසින් ගොනු කරනු ලද පෙත්සමක් සලකා බැලමින් කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ. නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථාන පරිශ්‍රය තුළ සිදු කරනු ලබන විවිධ දේශපාලන සහ වානිජ්‍යමය කටයුතු මගින් විහාරස්‌ථ පරිසරයට හානිකර හා නිග්‍රහ සිදුවන බැවින් වන ආකාරයෙන් හා පිරිහීමට පත්වන ආකාරයෙන් අදාළ කටයුතු වළක්‌වන නියෝගයක්‌ නිකුත් කරන ලෙස පත්බේරියේ විමලඥන හිමියන් සිය පෙත්සම මගින් ඉල්ලා අැති අතර අභයාරාමාධිපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් වෙත අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට