සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට වරායේ තෙල් ටැංකි වික්කොත් අඛණ්ඩ වර්ජනයක්, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

හම්බන්තොට වරායේ තෙල් ටැංකි සංකීර්ණය විකිණීමට උත්සාහ දරන්නේනම් අඛණ්‌ඩ වර්ජනයක්‌ කරා යොමු වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. ඊයේ (14) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්‌ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ඡේ. රාජකරුණා මහතා විසිනි. ආණ්‌ඩුව හම්බන්තොට වරාය චීනයට පැවරීම සදහා කටයුතු කරමින් සිටින බවත් වරායේ තෙල් ටැංකි සංකීර්ණය ද චීනයට පැවරීමට කටයුතු කළහොත් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව ද රාජකරුණා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

ඛනිජ තෙල් ක්‍ෂේත්‍රයට අහිතරක ලෙස බලපා අැති කරුණු කිහිපයක් සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් මාස තුනක්‌ පුරාවට බලධාරීන් සමග සාකච්ඡා පවත්වන ලද නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද රාජකරුණා මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට