සත්‍යයේ පුවත් අඩහැරය….

නව ව්‍යවස්ථාවෙන් බුදුදහමට, ඒකීයභාවයට හානියක් නොවන බවට මහ නාහිමිවරුන්ට ලීඛිතව දැන්විය යුතුයි – යුතුකම සංවාද කවය

නව ව්‍යවස්ථාව තුළින් බුදුදහමට, රටේ ඒකීයභාවයට කිසිදු හානියක් නොවන බවට බලධාරින් විසින් මහ නාහිමිවරුන්ට ලීඛිතව දන්වා සිටිය යුතු මෙන්ම ඒ සම්බන්ධයෙන් රටට, මහා සංඝරත්නයට හා ජනතාවට අවංකවී සත්‍ය හෙළි කරන ලෙස අාණ්ඩුවෙන් ඉල්ලා සිටින බව යුතුකම සංවාද කවය අවධාරණය කර සිටියි. යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (15) කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ය.

සිය අදහස් පළ කරමින් ගෙවිදු කුමාරතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ නව ව්‍යවස්ථාව සම්බන්ධව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා හා ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් විවිධ, පරස්පර අදහස් ප්‍රකාශ සිදු කරමින් සිටින අතර එ් හේතුවෙන් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් මතුවෙමින් තිබෙන බවයි.

අධි නීතිඥ ලාල් විජේනායක මහතා සභාපතිත්වය දරණු ලබන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබද මහජන අදහස් විමසීමේ කමිටුව තුළ කිසිදු විශේෂඥ දැනුම සහිත පුද්ගලයින් නොමැති බවත් අදාළ කමිටු තුළින් රටට, බුදුදහමට හානිදායක ව්‍යවස්ථාවක් නිර්මාණය වනු අැති බව නිරීක්ෂණය වන බවත් ගෙවිදු කුමාරතුංග මහතා තවදුරටත් පවසා සිටින ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතාව විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු අදහසක් දක්වා නාෙමැති අතර එම පක්ෂ වල අරමුණ කුමක්දැයි ඒ තුළින්ම පැහැදිලි වන බව ද කුමාරතුංග මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රවිණ මාධ්‍යවේදී මහචාර්ය මොහාන් සමරනායක සහ නීතිඥ කනිෂ්ක විතාරණ යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට