කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්..
කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (15) සවස 2 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව කොටහේන ,මට්ටක්කුලිය ,ග්‍රෑන්පාස් ,තොටළඟ යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ලබන අතර අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් සදහා මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.