අත්‍යවශ්‍ය නඩත්තුවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා පැය 19 ක් ජලය නෑ..
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (21) රාත්‍රී 11.00 සිට අනිද්දා (22) පස්වරු 06.00 වන තෙක් පැය 19 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව කොටහේන, තොටළග, මට්ටක්කුලිය, ග‍්‍රෑන්ඩ්පාස්, ජයන්ත වීරසේකර මාවත සහ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇත.