සත්‍යයේ පුවත් අඩහැරය….

අර්බුද රැසයි, අද දවස තුළ විසදුම් නැත්තම් හෙට සංකේත වර්ජනයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් හෙට (25) දිනය තුළ දිවයින පුරා රෝහල්වල එක්‌දින සංකේත වැඩවර්ජනයක්‌ දියත් කිරීමට කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සත්‍ය තොරතුරු හෙළි කිරීම, මීට අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, සිසු මර්දනය පිළිබඳ බලධාරීන් ජාතියෙන් සමාව ගැනීම, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන් නිදහස්‌ කිරීම සහ ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව සදහා සභාපතිවරයෙකු පත් කිරීම පිළිබදව උද්ගතව අැති ගැටළු නිරාකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට අද (24) දිනය තුළ රජය විසින් පිළිගත හැකි විසදුම් ලබා නොදුනහොත් ඉහත වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. ඊයේ (23) පවත්වන ලද සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමකදී මෙම තීරණය ගත් බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට