2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට..
2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට එංගලන්තය ඊයේ (23) සමත් විය. ඒ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවති අවසන් මහා තරගයෙන් ඉන්දියාව ලකුණු 09 කින් පරාජය කරමිනි. මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 07 ක් දැවී ලබා ගත් ලකුණු 228 ට පිළිතුරු ලෙස ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සියළු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 219 ක් පමණි.