සත්‍යයේ පුවත් අඩහැරය….

අාණ්ඩුවට ඵල දී අැත්තේ පසුගිය රජය පරාජය කිරීම සදහා ජනතාව මුළා කිරීමේ දිට්ඨධම්මවේදනීය කර්මයයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මෙරට සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවක් ලෙස සැලකිය හැකි මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් තම සංවිධානය විසින් අල්ලස් කොමිසම වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු නොවූ අතර අද වන විට මෙම වංචාව සම්බන්ධ සත්‍ය තොරතුරු රටට හෙළි වෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ඊයේ (30) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වූ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් පළ කරමින් විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මැදිහත්ව මෙම ගැටළුකාරී තත්ත්වයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර වත්මන් විදෙස් කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වත්මන් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළයුතු බවයි.

ජාතික ලොතරැයි මණ්ඩලය පිළිබදව පවතින ජනතා විශ්වාසය අද වන විට බිද වැටී අැති අතර ගොවිසෙත ලොතරැයි පත සම්බන්ධයෙන් මතුව අැති ගැටළුකාරී තත්ත්වය පිළිබදව විමර්ශනය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පොලිසිය සතුව නොමැති බවත් ජයග්‍රාහී ලොතරැයි පත් මුද්‍රණය කර ඒවා තම හිතවතුන්ට ලබා දෙන්නේදැයි සැකයක් මතු වන බව ද රංජිත් විතානගේ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ අාපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසා සිටියේ 2001 වර්ෂයේදී සතොස අායතනය පැය 24 පුරාවට විවෘත කළයුතු බවට තීරණයක් ගෙන සතොස අායතනය විනාශය කරා ගෙන ගිය රවී කරුණානායක මහතා පිළිබද තමන් හොදින් දන්නා බවයි.

මේ වන විට වත්මන් අාණ්ඩුවට ඵල දී අැත්තේ, ලැම්බෝ ගිනි සහ රත්තරන් අශ්වයින් සම්බන්ධයෙන් පවසමින් පසුගිය මහින්ද රාජපක්ෂ අාණ්ඩුව පළවා හැරීම සදහා රටේ ජනතාව මුළ කළ දිට්ඨධම්මවේදනීය කර්මය වන අතර වත්මන් යහපාලන අාණ්ඩුව බලයට ගෙන ඒම සදහා තම සංවිධානය කැපවීම සම්බන්ධයෙන් අද වන විට කණගාටුවක් අැති වී තිබෙන බව ද අසේල සම්පත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා යතුරුපැදි හිමියන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ සහ ලංකා ස්වයං රැකියා සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට