යෝෂිත රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..
ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව අැත. රගර් ක්‍රීඩක තාජූදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලදී.