වව්නියාව, තාන්ඩිකුලම දුම්රිය හරස් මග දැඩි අනාරක්ෂිත තත්ත්වයක, ප්‍රදේශවාසීන් විරෝධතාවයේ..
වව්නියාව, තාන්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේ පවතින දැඩි අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් යාපනය – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වී සිටින බව වාර්තා වේ. අද (15) උදෑසන මෙම විරෝධතාවය අාරම්භ කර අැති අතර මේ හේතුවෙන් යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාදයකට ලක්ව අැත. මෙම දුම්රිය හරස් මාර්ගයේ පවතින අනාරක්ෂිතභාවය නිසා සිදුවූ අනතුරු කිහිපයකින් පුද්ගලයින් රැසක් තුවාල වීම් වලට ලක්ව අැති අතර අදාළ ස්ථානයේ ඊයේ (14) දිනයේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ද මියගොස් අැත.