සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව විභාගයට අදාළ වැඩ තහනම්..

හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කර අැති බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. ලබන 20 වන දා විභාගය පැවැත්වීමට නියමිතව අැති අතර විභාගය අවසන් වනතුරු මෙම තහනම ක්‍රියාත්මක වනු අැත. මේ අනුව අදාළ කාලය තුළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු අාදිය පැවැත්වීම මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම, පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කර අැත.

අදාළ තහනම නොසලකා හරිමින් යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් කටයුතු කළහොත් ඊට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඉහත නීතිය නොසලකා හරිමින් කටයුතු කරන යම් පුද්ගලයෙකු හෝ සංවධානයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් අැතොත් ක්ෂණික අැමතුම් 1911 අංකයට හෝ අාසන්නතම පොලිස් ස්ථානයට දන්වන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට