විජයදාස රාජපක්ෂ ඉවත් කිරීමේ යෝජනාවට ජනපතිගේ අනුමැතිය..
අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය අනුමැතිය ලබා දී අැති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය විසින් අාදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද අතර අද (23) ජනාධිපතිවරයා විසින් ඊට අනුමැතිය ලබා දී තිබේ.