සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් පත්වෙයි..

උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දී අැති බව වාර්තා වේ. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී මෙම නව අමාත්‍යවරුන් දිවුරුම් දී අැත. ඒ අනුව මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග‍්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප‍්‍රවාහන හා ප‍්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කනගසභපති විශ්වලිංගම් විග්නේෂ්වරන් මහතා ද කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප‍්‍රවර්ධන, වෙළෙඳ හා වාණිජ අමාත්‍යවරිය වශයෙන් අනන්ති ශෂීධරන් මහත්මියද දිවුරුම් දී අැති බව වාර්තා වේ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය ආචාර්ය ඥානසීලන් ගුණසීලන් මහතා සහ උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පත් හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කන්දයියා සිවනේෂන් මහතාද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිව්රුම් දී අැති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට