මෙරට සියළු පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්‍ෂණාවරණයක්..
වයස අවුරුදු 05 සිට 19 දක්‌වා වන මෙරට සියළු පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්‍ෂණාවරණයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ අනුව රුපියල් 200000/= ක්‌වූ වටිනා රක්‍ෂණාවරණය බැගින් පාසැල් දරුවකු හට හිමිවනු අැති අතර ඒ මගින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10000/= ක් ද රෝහල්ගතවීමකදී රුපියල් 100000/= දක්‌වා ද ආවරණය සැලසෙනු ඇත. පාසල් දරුවකුගේ හදිසි මරණයකදී දෙමව්පියන් හට රුපියල් 100000/= ක්‌ද මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75000/= ක්‌ද දරුවාගේ පූර්ණ ආබාධිත තත්ත්වයකදී රුපියල් 100000/= ක්‌ද අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50000/= සිට 100000/= ක් දක්‌වාද වන්දි හිමිවනු අැත.