සත්‍යයේ පුවත් අඩහැරය….

මෙතෙක් ඉටු නොකළ පොරොන්දු ඉටු කරවා ගැනීමට අාණ්ඩුවට අඛණ්ඩව බලකරනවා – හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ පෙරමුණ

පසුගිය පාලන කාලය තුළ සිදුවූ දූෂණ, වංචා, ඝාතන අැතුළු සිද්ධීන් වලට සම්බන්ධයෙන් වගකිවයුත්තන් හට මෙතෙක් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීම අැතුළු වත්මන් අාණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාව වෙත ලබාදුන් පොරොන්දු රැසක් මේ දක්වා ඉටු කර නොමැති බව හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (23) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරවයේදී පවත්වන ලද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අදහස් පළකරන ලද්දේ හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ පෙරමුණේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විසිනි.

මෙරට මහත් අාන්දෝලනයකට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජූදීන් ඝාතනය සම්බන්ධ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාග වෙමින් පවතින බැවින් අදාළ නඩුව විභාග කර තීරණයක් ලබා දීම සදහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට කටයුතු කළයුතුව අැති බව ද ‍සමන් රත්නප්‍රිය මහතා විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා හැට දෙලක්ෂයක ජනතා සම්මුතිය රැකගැනීමේ පෙරමුණේ සාමාජිකයින් වන කේ.ඩබ් ජනරංජන, වික්‍රමබාහු කරුණාරත්න, අසාද් සාලි සහ සුන්දරන් මහෙන්ද්‍රන්යන මහත්වරුන් අැතුළු පිරිසක් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට