සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් අාණ්ඩුව මේ වන විට දැඩි අර්බුදයක, අපට කළ චෝදනා අසත්‍ය බව ජනතාවට තේරිලා – ඒකාබද්ධ විපක්ෂය

වත්මන් අාණ්ඩුව මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව අැති අතර පසුගිය මැතිවරණ වේදිකාවේදී තමන් වෙත එල්ල කළ විවිධ චෝදනා අසත්‍යක් ඒවා බව මේ වන විට ජනතාවට වැටහී අැති බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. ඊයේ (23) බොරැල්ල අැන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා විසිනි.

සිය අදහස් පළ කරමින් දිළුම් අමුණුගම මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව කටයුතු නොකිරීම නිසා අධිකරණ අමාත්‍ය අාචාර්ය විජයදාස රාජපක්ෂ මහතාව, අදාළ අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ තත්ත්වයකට අද වන විට වත්මන් අාණ්ඩුව පත්ව අැති බවයි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රටේ සෑම ගැටළුවක් සම්බන්ධයෙන්ම මැදිහත් වන නමුත් එම ගැටළු කිසිවක් මේ වන තෙක් විසදීමට රාජිත සේනාරත්න මහතාට මෙතෙක් හැකිවී නොමැති අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම ඒ මහතාගේ දෙමව්පියන්ට පවා අවනම්බුවක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට