සිල් රෙදි නඩුව, තීන්දුව ලබන සැප්තැම්බර් 07 දා..
පසුගිය ජනාධිපතිවරණය පැවති සමයේ දී ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් අවභාවිතා කරමින් සිල් රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විභාග වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 07 වැනිදා ලබාදෙන බව කොළඹ මහාධිකරණය අද (24) ප‍්‍රකාශ කර අැති බව වාර්තා වේ. මෙම සිල් රෙදි බෙදා දීමේ සිද්ධියේදී රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එල්ල වී අැත.