බුද්ධශාසන අමාත්‍ය ධූරය ජනපති යටතට ගන්න, මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්..
බුද්ධශාසනය සම්බන්ධයෙන් මේ දක්වා නිසි වගකීමකින් යුතුව කටයුතු කළ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ මහතා අදාළ අමාත්‍යධූරයෙන් ඉවත් කළ පසු ඊට සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් ජනාධිපතිවරයා පමණක් බව ත්‍රෙෙනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පවසා සිටියි.ඒ අනුව මේ වන විට හිස්ව අැති බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතට පත්කර ගන්නා ලෙස මහා සංඝරත්නය ඉල්ලීමක් ද කර සිටියි.