සත්‍යයේ පුවත් අඩහැරය….

කඩාකප්පල් කරන්න උත්සාහ කළොත් තත්ත්වය දරුණු වේවි, විදුලි සේවක වෘත්තීය සමිති වලින් රතු එළි..

 alt=තම වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට කුමන උත්සාහයන් දියත් කළ ද සිය ඉල්ලීම් සදහා නිසි විසදුම් ලැබෙන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩල එකාබද්ධ වෘත්තිය සමිති සංධානය අනතුරු අගවා සිටියි. අද (15) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩල එකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා විසින් මෙම අදහස් පළ කරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සිය ඉල්ලීම පිළිබදව ඊයේ (14) බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක වූ බැවින් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි.

යම්හෙයකින් අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා, බලහත්කාරයෙන් සේවකයින් සේවයට වාර්තා කරවීමට කටයුතු කළහොත් තත්ත්වය තවත් උග්‍රවනු ඇති බවත් රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට